විශ්‍රාම වැටුප්

වැන්දඹු / වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය.

ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලැබී රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගේ වැන්දඹුවන් , වැන්දඹු පුරුෂයන් , අනත්දරුවන් සහ ආබාධිත විශ්‍රාම වැටුප් ලැබීමට සුදුස්සන් සඳහා මෙම සේවය ලබා ගත හැක.


වැන්දඹු /වැන්දඹු පුරුෂ හා අනත්දරු වැටුප් ක්‍රමයට දායක වීමේ ක්‍රියාවලිය 

  • ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලැබී මාස තුනක් ඇතුලත ලියාපදිංචි වී වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකයක් ලබා ගත යුතුය.
  • මාස තුනකට පසුව ඉදිරිපත් කරන්නේ නම් ප්‍රමාදයට හේතු සමඟ දායක මුදල් අයකල බවට සහතිකයක් ඉදිරිපත් කල යුතුය.
  • එක් එක් නිලධාරියාට වෙන් වූ ලිපි ගොනුවක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙහි පවත්වාගෙන යනු ලැබේ.
  • සේවා කාලය අතරතුර පවුල් ජීවිතයේ සිදුවන වෙනස්කම් ආයතන ප්‍රධානි හරහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේනතුව වෙත දැනුම් දිය යුතුය.
    • දරුවන්ගේ උපත.
    • ආබාධිත දරුවන් සිටී නම් විස්තර.
    • වෛවාහක පාර්ශවය මියයාම, දික්කසාද වීම.

ලියාපදිංචි වීමට අවශ්‍ය කරන උපකාරක ලියවිලි.

  • අයදුම්පත - ( සේවය කරන ආයතනයෙන් ලබාගත හැක ) පොදු 86 ( නිලධාරීන් ) /
    පොදු 86 “අ” ( නිලධාරිනියන් )
  • පත්වීම් ලිපියේ සහතික කල පිටපත
  • විවාහ සහතිකයේ මුල් පිටපත
  • පෙර විවාහ වී නම් මරණ සහතික‍ය හෝ දික්කසාද සහතිකය.
  • කලත්‍රයාගේ / දරුවන්ගේ උප්පැන්න සහතික පිටපත්.
  • නිලධාරියාගේ / කලත්‍රයාගේ හැදුනුම්පතේ ඡායා පිටපත්.
  • නමේ වෙනසක් වෙතොත් එම වෙනසට හේතු (දිව්රුම් සහතික)

ඉහත සඳහන් ලියවිලි ආයතනය මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

විශේෂ තත්ත්වයන් : නිලධාරියකු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය ලබා නොගෙන මිය ගිය හොත් වැන්දඹුව නැතහොත් අනත්දරුවන් විසින් නිලධාරියා රැකියාව කල ස්ථානයෙන් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය ලබා ගැනීමට ඉල්ලුම් කල යුතුය.

 

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුපක් ලැබීමට සම්පූර්ණ විය යුතු සුදුසුකම් / යෝග්‍යතාවය.

  • දායකයා/ දායිකාව ස්ථිර විශ්‍රාම වැටුපක් හිමි තනතුරක් දැරීම.
  • දායක මුදල් ගෙවා අවසන් වීමට පෙර විවාහ වී තිබීම. (විශ්‍රාම යාමට පෙර විවාහ වී තිබීම)
  • දායකයා මියගිය දින සිට හිමිකම ලැබේ
  • සේවා කාලය පිළිබද ගණන් ගැනීමක් නැත.
  • සේවය ස්ථීර කොට තිබීම අවශ්‍ය නොවේ.

වැටුපෙන් අයකරනු ලබන දායක මුදල් ප්‍රමාණය

ප්‍රාථමික හා ද්විතිය මට්ටම 6%
තෘතික හා ජ්‍යෙෂ්ඨ මට්ටම 7%

දායකයා විසින් දැනගත යුතු කරුණු

  • දායක මුදල් නිසි පරිදි අයවන බව
  • වරින් වර ගොනුව යාවත්කාලීන කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදුන් බව
  • සේවා දායකයා මේ සම්බන්ධව ලිපි ගනුදෙනු කරන සෑම අවස්ථාවකම වැන්දඹු අනත්දරු අංකය සමග ලිපි යොමු කල බව
  • වැන්දඹු කාඩ්පත තමා භාරයේ කලත්‍රයා දැනුවත් කර සුරක්ෂිතව තිබෙන බවට

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකම් ලබන්නන්.

  • වැන්දඹුව කලත්‍රයා මිය යාමෙන් පසු නැවත විවාහ වන තෙක් වැන්දඹු පුරුෂයා ලබා ගත හැක.
  • අනත්දරුවන්
  • i.වයස අවු. 21 ට අඩු පිරිමි දරුවන්
  • ii.වයස අවු. 21 ට අඩු අවිවාහක ගැහැණු දරුවන්
  • iii.වයස 21 සිට 26 තෙක් රැකියා විරහිත පිරිමි දරුවන්
  • iv.වයස 21 සිට 26 තෙක් රැකියා විරහිත අවිවාහක ගැහැණු දරුවනa

වැන්දඹුවගේ මරණයෙන් පසු එනම් මව්පිය දෙදෙනාම මියගිය පසු හිමිකම ලැබේ. එසේ නැතහොත් වැන්දඹුව / වැන්දඹු පුරුෂයා නැවත විවාහ වීමෙන් පසු හිමිකම් ලැබේ.

 
3 ) වෛද්‍ය මණ්ඩල අනුමැතිය ලත් නිත්‍යාබාධිත දරුවන්. (වයස් සීමාවක් නැත)


වැන්දඹු විශ්‍රාම වැටුප් ලබා ගන්නා ආකාරය

  • විශ්‍රාමිකයකු මිය ගිය පසු කලත්‍රයා විසින් මරණ සහතිකය , වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමඟ වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප ලබ දෙන ලෙස ඉල්ලීමක් තමා පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය.
  • අදාළ හිමිකම් පරීක්ෂාවෙන් අනතුරුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කරනු ලැබේ.

 

අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීම.

  • දෙමව්පියන්ගේ ඇවෑමෙන් පසුව තම දෙමාපියන්ගේ මරණ සහතික , දරුවන්ගේ උප්පැන්න සහතික ,

දරුකමට හදා වඩා ගත් දරුවන් සදහා කුලවද්දුම් නඩු තීන්දුවේ පිටපතක් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමගින් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ඉල්ලුම් කල යුතුය.

  • හිමිකම් පරික්ෂාවෙන් අනතුරුව ගෙවීම් කිරීම සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත යොමු කරයි.

මේ සඳහා භාරකරුවෙකු පත් කිරිම අවශ්‍ය වේ නම් ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ අනුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් කරනු ලැබේ.

ආබාධිත විශ්‍රාම වැටුප් ලබා ගැනීම.

  • තම දෙමව්පියන්ගේ මරණ සහතික හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අංකය සමඟ ඉල්ලීමක් පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කල යුතුය.
  • වෛද්‍ය පරීක්ෂණ මණ්ඩලයක් වෙත යොමු කරන අතර එහිදී නිත්‍යාබාධිත (ශාරිරික හෝ මානසික නොහැකියාවෙන් පෙලීම ) බව තහවුරු වේ නම් ගෙවීම් කටයුතු සඳහා ප්‍රාදේශිය ලේකම් වෙත යොමු කරයි.
  • මේ සඳහා භාරකරුවෙකු පත් කිරිම අවශ්‍ය වේ නම් ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ අනුව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් විසින් කරනු ලැබේ.

විශේෂ තත්ත්වයන්. ( දරුකමට හදාගත් )
දරුකමට හදාගත් දරුවන් සඳහා හිමිකම් ලැබීමට නම් ඔවුන් දරුකමට හදාගත් බවට උසාවි අනුමැතිය ලබා ගෙන තිබිය යුතුය. මෙම නියෝගය විශ්‍රාම යාමට පෙර ලබාගත යුතුය.


නිලධාරියා/ විශ්‍රාමිකයා අතුරුදහන් වුවහොත්.

  • නිලධාරියකු අතුරුදහන් වුවහොත් අතුරුදහන් වී වසරක් අවසානයේ පොලීස්, ප්‍රාදේශිය ලේකම් හා අනෙකුත් වාර්තා මත පදනම්ව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකරුවන් වෙත ප්‍රදානය කෙරේ.
  • විශ්‍රාමිකයෙකු අතුරුදහන් වී මාස හතරකට පසු පොලිස්, ප්‍රාදේශිය ලේකම් සහ අනෙකුත් වාර්තා පදනම් කර ගනිමින් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් හිමිකරුවන් වෙත ලබා දේ.


වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා හිමිකරුවන් නොමැති නම් ( දායක මුදල් ආපසු ලබා ගැනීම )

  • අවිවාහකව විශ්‍රාම යන්නේ නම් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් සඳහා දායක මුදල 2 ½ % පොලියක් සමඟ ගෙවනු ලැබේ.
  • දරුවන් නොමැතිව වැන්දඹු ලෙස විශ්‍රාම යන විට දායක මුදල 2 ½ % පොලිය සමඟ.
  • විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති දරුවන් නොමැති නම් කලත්‍රයා මිය ගිය දිනය හෝ බාලම දරුවාට අවු 26 පිරෙන හෝ බාලම දරුවා ස්ථිර රැකියාවක නිරත වන දිනය හෝ දිනයන්ගෙන් පසුව එලඹෙන දිනයේ සිට විශ්‍රාම යන දිනය තෙක් අයකල දායක මුදල පොලී රහිතව.

 

සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය.

1947 අංක 02 දරණ ආඥා පනත යටතේ නීතිගත වී ඇති විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව සිවිල් විශ්‍රාම වැටුප් නීත්‍යානුකූල විශ්‍රාම වැටුප් ක්‍රමයක් බවට පත්ව ඇත
නීතිමය විධිවිධාන

 

2018 වර්ෂය

මාසය

දිනය

ජනවාරි

10 වැනි බදාදා

පෙබරවාරි

09 වැනි සිකුරාදා

මාර්තු

09 වැනි සිකුරාදා

අප්‍රේල්

06 වැනි සිකුරාදා

මැයි

10 වැනි බ්‍රහස්පතින්දා

ජුනි

08 වැනි සිකුරාදා

ජූලි

10 වැනි අඟහරුවාදා

අගෝස්තු

08 වැනි බ්‍රහස්පතින්දා

සැප්තැම්බර්

10 වැනි සිකුරාදා

ඔක්තෝබර්

10 වැනි සඳුදා

නොවැම්බර්

09 වැනි සිකුරාදා

දෙසැම්බර්

10 වැනි සඳුදා

  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ විධිවිධාන
  • ආයතන සංග්‍රහයේ විධිවිධාන
  • රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මඟින් විවිධ අවස්ථා වලදී නිකුත් කරනු ලැබ ඇති විශ්‍රාම වැටුප් පිළිබඳ වූ චක්‍රලේඛ
  • විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු චක්‍රලේඛ.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයට යොමුව විවිධ කරුණු සම්බන්ධයෙන් විටින් විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ.

විශ්‍රාම වැටුප් සඳහා හිමිකම

  • තනතුර ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක් වීම
  • තනතුරෙහි ස්ථිර කර තිබීම
  • ගණනය කළ හැකි දළ සේවා කාලය මාස 120 හෝ ඊට වැඩිවීම
  • විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම

රාජ්‍ය සේවකයකු සම්බන්ධව විශ්‍රාම වැටුප් හිමිකම ආරක්ෂා වීම සඳහා සම්පූර්ණ කර තිබිය යුතු අවශ්‍යතා

මේ සඳහා විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 2 වන වගන්තිය අනුව පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

  • ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් ලබා තිබීම.
  • එම තනතුරේ සේවය ස්ථිර කර කර තිබීම.
  • පහත සඳහන් දළ සේවා කාලයක් සපුරා තිබිය යුතුය.
  1. I. රාජ්‍ය හා පලාත් රාජ්‍ය නිලධාරින් - මාස 120
  2. II. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු - මාස 36
  • III. අභියාචනාධිකරණ විනිසුරු - මාස 36
  1. IV. මහාධිකරණ විනිසුරු - මාස 84
  2. V. අනිකුත් අධිකරණ නිලධාරින් - මාස 84
  • විධිමත් පරිදි විශ්‍රාම ගැන්වීම.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයෙහි “ට’’ උපලේඛනයේ සඳහන් වූ ධූරයන්හි විශ්‍රාම ගැන්වීම.
  • ජනාධිපති පෞද්ගලික ලේකම්.
  • අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • විපක්ෂ නායක පෞද්ගලික ලේකම්.
  • කථානායක පෞද්ගලික ලේකම්.
  • කැබිනට් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • ව්‍යාපෘති අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • දිස්ත්‍රික් අමාත්‍ය පෞද්ගලික ලේකම්.
  • කැබිනට් අමාත්‍යවරුන්ගේ මහජන සම්බන්ධතා නිලධාරි.
  • කැබිනට් අමාත්‍යවරුන්ගේ සම්බන්ධීකරණ නිලධාරි

සඳහා වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබේ.

විශ්‍රාම ගැන්වීමේ විධිවිධාන
රාජ්‍ය නිලධාරියෙකුට, නිලධාරිනියකට පහත සඳහන් හේතුන් මත විශ්‍රාම යා හැක.

  • මාස 120 ක දළ සේවා කාලය සම්පූර්ණ වි තිබිය යුතුය.
  • මාස 60 ක අතිරේක සේවා කාලයක් එකතු කරනු ලැබේ.
  • විශ්‍රාම පාරිතෝෂිකය හා මාසික විශ්‍රාම වැටුප විශ්‍රාම ගැන්වූ දින සිට හිමිවේ.
  • දෙපාර්තමේන්තුව වසා දමා සංස්ථාවක් බවට පත්කරන අවස්ථාවක සේවා කාලය මාස 96 ක් ඇත්නම්ද (තනතුර අහෝසිවන්නේ නම්) ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතිය පදනම මත සේවය කළ හැක. ඒ සදහා වැටුපෙන් 25% දායක මුදල් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වෙත ගෙවිය යුතුය.
  • මාස 120 ක දළ සේවය නැතිවීම 50% ක ප්‍රසාද සේවා කාලය එකතු කර මාසික වැටුපෙන් 1/12 බැගින් ගනන් බැලූ පාරිතෝෂිකයකට හිමිකම් ලැබේ.
  • වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව , යම් රාජ්‍ය සේවකයකු වෛද්‍ය මණ්ඩලයක නිර්දේශ මත තවදුරටත් සේවය කිරීම යෝග්‍ය නොවන විටදී මෙවැනි විශ්‍රාම ගැන්වීම් කරනු ලැබේ.

  • අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්ති අනුව.
සේවය වසර 20 සම්පූර්ණ කර ඇති යම් රාජ්‍ය සේවකයකුට විශ්‍රාම යාම සඳහා මනාපය පල කල හැක.
විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිකය ලබා ගත හැක්කේ වයස අවු. 55 සම්පූර්ණ වූ විටය.

  • විශ්‍රාම වැටුප අවුරා තබා මණ්ඩලයට ‍හෝ සංස්ථාවකට ගොස් එම ආයතනයෙන් විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 48(අ) වගන්තිය.
විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය සංස්ථාවෙන් (විධිමත් පරිදි) ඉවත් වූ දින සිටය.

  • හෙදියන් හා ගුරුවරියන් සඳහා. ( විශේෂ අවස්ථා )
  • මාසික විශ්‍රාම වැටුප්.
  • පරිවර්තිත පාරිතෝෂිකය.
  • මරණ පාරිතෝෂිකය.
  • සේවා පාරිතෝෂිකය.
  • දෛනික සේවා පාරිතෝෂිකය.
  • කරුණාසහගත දීමනාව.
  • විශේෂ වන්දි.
  • වන්දි විශ්‍රාම වැටුප්.


සිවිල් විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ වන ප්‍රතිලාභ.
විනය හේතු මත සහ අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීමේදී අදාල ලියවිලි ආයතන ප්‍රධානියා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් පසුව එහිදී ප්‍රදන පත්‍රය සකසා ගෙවීම් කටයුතු සඳහා ප්‍රාදේශිය ලේකම් වෙත යවයි.

විශ්‍රාම වැටුප් අහිමි වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 7 වගන්තිය අනුව.
දෙපාර්තමේන්තුවක් වසා දැමීමේදී, සංස්ථාවක් බවට පත් කිරීමේදී තනතුර අහෝසි වීම මත විශ්‍රාම යන අවස්ථාවක. මාස 96 ක දළ සේවා කාලයක් ඇත්නම් ඉතිරි මාස 24 එකී සංස්ථාවේ ද්වීතීය පදනම මත සේව‍ය කලා සේ සළකා මාස 120 ක් ගණනය කර විශ්‍රාම වැටුපට හිමිකම ලබා දෙයි.

  • විමධ්‍ය ගත කළ විශ්‍රාම ගැන්වීම්
  • අනිවාර්ය විශ්‍රාම ගැන්වීම
  • වෛකල්පිත විශ්‍රාම ගැන්වීම
  • වෛද්‍ය හේතු මත
  • තනතුර අහෝසි වීම මත
  • විශේෂ අවස්ථා.
  • විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 25 වගන්තිය අනුව.
    • ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වයස අවු 65 දී
    • අභියාචනාධිකරණ විනිසුරු වයස අවු 63 දී
    • මහාධිකරණ විනිසුරු වයස අවු 61 දී විශ්‍රාම යා හැක.
  • තනතුර අහෝසි වීම මත විශ්‍රාම ගැන්වීම.

විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 14 වගන්තිය අනුව.
වයස අවු. 50 එල‍‍ඹෙන දිනය හෝ සේවා කාලය වසර 20 ක් සම්පූර්ණ වන දිනය හෝ යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනයේදී විශ්‍රාම යා හැක. විශ්‍රාම ගත්දින සිට විශ්‍රාම වැටුප ලැබේ.

  • අධිකරණ නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීම.විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 12 වගන්ති අනුව.
    විශ්‍රාම ගන්නා අවස්ථාවේදී විනයානුකූලව කටයුතු කෙරෙන බවට සෑහීමට පත්වන විට විනය බලධාරියා විසින් විශ්‍රාම වැටුප් විෂයය භාර අමාත්‍යාංශයේ ලේකම් ගේ අනුමැතිය ලබා මෙවැනි විශ්‍රාම ගැන්විම් කරනු ලැබේ.විශ්‍රාම පාරිතේෂිකය හෝ මාසික විශ්‍රාම වැටුපක් පරීක්ෂණය අවසාන වනතෙක් ගෙවනු‍ නොලැබේ.
  • අංක 30/88 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ යටතේ විශ්‍රාම ගැන්වීම.
    විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 2 සහ 15 වගන්ති අනුව.
    විශ්‍රාම ගන්වන අවස්ථාවේදී හිමි වැටුප හා සේවා කාලය පදනම් කොට විශ්‍රාම වැටුප ගෙවනු ලබන්නේ රාජ්‍ය පරිපාලන ලේකම් විසින් තීන්දු කරනු ලබන දින සිටය

විෂමාචාර ක්‍රියාවන් මත ( විනය හේතු මත ) විශ්‍රාම ගැන්වීම.1.වයස සම්පූර්ණ වීම.

News & Events

21
අප්‍රේ2023

Appeal Application 2022 Grade 6 Scholarship Examination

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල...

Scroll To Top