අපගේ දැක්ම  

ඕපනායක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ජනතා අභිලාශයන් ඉටුවන තිරසාර සංවර්ධිත ප්‍රදේශයක් බවට පත්වීම.

 

අපගේ මෙහෙවර 

රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගිත්වයෙන් යුත් කාර්යක්ෂම ,තිරසාර සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජනදිවිය නංවාලීම අපගේ මෙහෙවරයි

හැඳින්වීම  -  පසුබිම

පිහිටීම

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මැතිවරණ කොට්ඨාශයේ ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙය උතුරින් බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, නැගෙනහිරින් වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද, බස්නාහිරින් පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණින් කහවත්ත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම් වී ඇත. කොට්ඨාශයේ විශාලත්වය හෙක්ටයාර් 7464 කි. (අක්කර 18442) වර්ග ප්‍රමාණය වර්ග කි.මී.74.64 කි. (ව.සැ.28.82 කි)

READY TO IN 01

 

 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උසම ස්ථානය අඩි 4997 ක් පමණ වූ හුණුවල කන්ද වන අතර එය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උතුරු මායිම ආසන්නයේ පිහිටා ඇත. පහත්ම ස්ථානය කොට්ඨාශය මධ්‍යයේ පිහිටා ඇති වේ ගඟ නිමිනයේ පිහිටි ඕපනායක නගරය ආශ්‍රිතව ඇත. මෙම ප්‍රදේශය උස මුහුදු මට්ටමේ සිට අඩි 484 ක් පමණ වේ. උතුරේ සිට දකුණට විහිදෙන තද බෑවුම් සහිත කදු ගැට පේලියකින් සෑදි ඇත. මෙහි උතුරු බෑවුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අභ්‍යන්තරයට විහිදී ඇත. අකරැල්ල වසමේ මිල්ලන ප්‍රදේශය අඩි 1176 ක්ද හත්තැල්ල අඩි 1151 ක් උසය.

 999999999999999999 3

 

අභ්‍යන්තර මාර්ග

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග පද්ධතිය දෙස බලනවිට ඉතා සරල ස්වභාවයක් දැකිය හැකිය.ප්‍රධාන මාර්ගය රත්නපුර සිට බලංගොඩ දක්වා දිවෙන අතර මෙම මාර්ගය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මධ්‍ය වන්නට බටහිර හා නැගෙනහිර දිශානුගතව විහිදේ.එම ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන අනිකුත් D සහ C ශ්‍රේණියේ මාර්ගය ප්‍රදේශයේ දකුණු හා උතුරු ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රදේශ නගරය හා සම්බන්ධ කරයි.

මීට අමතරව මෙම ප්‍රාදේශය ලේකම් කොට්ඨාශයේ ව්‍යාප්තව ඇති මහා පරිමාණ වතු වගාව ආශ්‍රයෙන් දියුණු වී ඇති වතු හරහා දිවෙන පාරවල් සහ ඊට අමතරව ඇති අඩි පාරවල් සියල්ල හුදෙකලා වූ ගම්මාන නගරය හා සම්බන්ධ කරයි.

වර්ගය

කොට්ඨාශය තුළ දිවෙන දුර කි.මී.

A ශ්‍රේණියේ මාර්ග

10.05

D ශ්‍රේණියේ මාර්ග

04.83

E ශ්‍රේණියේ මාර්ග

47.69

බොරළු මාර්ග

67.02

ගුරු පාරවල්

88.52

අඩි පාරවල්

159.17

මුළු ගණන

377.28

 

භු විෂමතාවය හා ජලවහනය

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භූ විෂමතාවය හා ජලවහනය සිතියම්වලින් දැක්වේ. එම සිතියමට අනුව මුහුදු මට්ටමේ සිට උන්නතාංශය අඩි 500 දක්වා ඇති සමෝච්ච රේඛා සටහන්ව ඇත. මෙම උන්නතාංශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයේ මධ්‍යයේ සිට උතුරු දෙසට වන්නට අඩි 5000 ක් පමණ වන අතර දකුණු මායිමේ දී එය අඩි 1500ට වඩා අඩු උන්නතාංශයක පිහිටයි. මධ්‍යම ප්‍රදේශයේ ඇති වේ ගඟ ආශ්‍රයෙන් පිහිටි නිම්නය මුහුදු මට්ටමේ සිට අඩි 500 ක් පමණ උන්නතාංශයකින් යුතුව ඇත.

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජලවහනය කළු‍ ගගේ අතු ගංගාවන් දෙකක් වන වේ ගඟ සහ හුණුවල ගඟින් ද ඒවාට සම්බන්ධ වන කුඩා අතු ගංගා කිහිපයක් ද වේ. වේ ගඟ කොට්ඨාශයේ ඊසාන දිග මායිමෙන් ඇතුළු වී නිරිත දිග දෙසට ගලා ගොස් බටහිර මායිමෙන් කොට්ඨාශයෙන් ඉවත් වේ. මෙම ගඟට එකතුවන අතු ගංඟා කිහිපයකි. ඉන් ප්‍රධාන ගංගාව වනුයේ උතුරු සීමාවේ සිට දකුණු දෙසට ගලන හුණුව ගඟයි. එය හුණුවල ආසන්නයේ දී වේ ගඟට එකතු වේ.

            වයඹ දිශාවෙන් පටන් ගන්නා කුඩා දියපාරවල් කිහිපයක් නිරිත දිශාවට ගලා ගොස් එය පැල්මඩුල්ල ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා දෙනවක ගඟට එකතුවේ. කොට්ඨාශයේ භූ විශමතාවයට අනුව ප්‍රධාන ජල මාර්ග,

  1. හුණුවල ගඟ: හුණුවල කන්ද මැටිහක්වල - උතුරු හුණුවල හරහා පැමිණ වේ ගඟට එකතුවේ.
  2. වේ ගඟ: බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා ගලා මාදොල වසමෙන් කොට්ඨාශයට ඇතුල්වේ. උඩවෙල, ඕපනායක,දකුණු හුණුවල, උතුරු හුණුවල හරහා ගොස් නවදුන් කෝරලයට වැටේ.
  3. මල්මී ඇළ වරාකැටිය කන්දෙන් පටන්ගෙන මල්මීකන්ද, මීගහවෙල, ඕපනායක හරහා වේ ගඟට එකතුවේ.
  4. කිරන් ඇළ අතරැල්ල, බටදුර, හත්තැල්ල, දන්දෙනිය හරහා විත් වේ ගඟට එකතුවේ.

ප්‍රධාන ජල මාර්ගය හැරුණු විට වේ ගඟට එකතුවන කුඩා දිය ඇළවල් කිහිපයක් වේ. මේවායේ විශේෂත්වය වනුයේ ඉතා කෙටි නියගයක දී වුවද සිදීයාමය. වන විනාශය නිසා ඉහත සියලු ජල මාර්ගවල සියලු ජල වහනය ඉතා වේගයෙන් අඩුවෙමින් පවතී.

222222 3

 

 වර්ෂාපතනය

ප්‍රධාන වර්ෂා කාලය වන නිරිත දිග මෝසම් මගින් පෝෂණය වන ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මැයි සිට සැප්තැම්බර් මාසවල වැඩි වර්ෂාවක් ලබයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ දිග සුළු ප්‍රදේශයකට මි.මී. 3500 ට වැඩි වර්ෂාපතනයක් වාර්ෂිකව ලබන අතර නිරිත දිග දිශානු ගතව පටු තීරුවක් මධ්‍යයේ සිට උතුරට වන්නට මි.මී. 3000 ක පමණ වර්ෂාවක් ලබයි. කොට්ඨාශයේ දකුණු හා නැගෙනහිර කලාපයන් මි.මී. 3000 ට අඩු වර්ෂාපතනය විශේෂිත බලපෑමක් කරයි.

 

දේශගුණය

කොට්ඨාශය තුල සමසීතොෂ්ණ දේශගුණයක් දක්නට ලැබෙන අතර   අවුරුද්ද මුළුල්ලේ වැඩෙන සදාහරිත වන ජීවී උද්භිතයක් සහිත වෘක්ෂ ලතා දක්නට ඇත. එහෙත් මනුෂ්‍ය වාසය හා   ආර්ථික කටයුතු නිසා වන වියන අඩුවෙමින් පවතී. මේ නිසා දුර්ලභ වෘක්ෂලතා විනාශවී යන තත්වයකට පත්ව ඇත. මැයි සිට   සැස්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් සමයේ   වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර මේ නිසා ගංගා ඇළ දොළ පිටාර ගැලීම සහ ගංවතුර ආපදා ,නායයාම් , ඉවුරු කඩා වැටීම වැනි අවදානම් බොහෝ ප්‍ර දේශවල ඇතිවේ.

 

ස්වභාවික වෘක්ෂලතා

පෙට්ටිගල රක්ෂිතය ආසන්නයේ පිහිටිම සහ වේ ගඟ රක්ෂිතය ,ගුරුමුඩය මූකලාන ආදී   වන රක්ෂිත වල සහ   කොට්ඨායේ පිහිටි අනෙකුත් රක්ෂිත තුල ස්වභාවික වෘක්ෂලතා ව්‍යාප්තව පවතී. මෙම වන ප්‍ර දේශතුල විවිධ වටිනා දැව වර්ග ව්‍යාප්තව පවතී. ඒ අතර මිල්ල,හල්මිල්ල, හොර, කුඹුක් ,සහ ගංගා ඇළදොල ආශ්‍රිත රක්ෂිත සහ ගෙවතු වල විවිධ ශාක වර්ග බහුලව ව්‍යාප්තව ඇත. ප්‍රෙද්ශයේ දේශගුණය අනුව වැඩෙන විවිධ ශාක වර්ග බොහොමයක් ඇත.

 

පස

ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාප්ත වී ඇති ප්‍රධාන පස් කළාප 02 කි. එනම්,

  • තෙත් කලාපීය සහ අර්ධ තෙත් අතරමැදි කලාපයට අයත් රතු කහ පොඩිසොලික් පස
  • ලිතෝසෝල් පස

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇත්තේ රතු කහ පොඩිසොලික් පසයි. අධික ලෙස විච්ඡින්න වූ තදු සහ රැලි බිම්වල පස ව්‍යාප්ත වී ඇති ඉතා ඝණකම් පස් තට්ටුවකින් යුක්ත වන මනා ජල වහනයකින් යුක්ත මෙම පස් වර්ගය ඇසිඩ් සහිත වන අතර ස්වභාවයෙන්ම පසෙහි අඩංගු පෝෂණ ගුණාංගයන් දුර්වල තත්වයක පවතී. එහෙත් මෙම කොට්ඨාශයේ විශාල වහයෙන් පැතිර පවත්නා වනාන්තරවලට මෙන් ම ප්‍රධාන වගාවන්ටද මෙම පස් වර්ගය එතරම්ම ප්‍රභල සීමාකාරී සාධකයක් නොවනු ඇත.

ලිතෝසෝල් යනු ඉතා තුනී පස් තට්ටුවක් සහිත මෙම ප්‍රදේශවල ඉතා හොඳ ජලවහනයක් දැකිය හැකි ය. එහි ඇති පස් තට්ටුව නිසා එම ප්‍රදේශවල වගා කළ නොහැකි වන අතර ආවරණය ඉවත් කළ විගස ගල් මතුවී භූමිය නිසරු වේ.

ඕපනායක නගරයේ තත්වය (අලවිය ප්‍රවාහනය හා පොදු පහසුකම්)

කලකට ඉහත අග්නි දිග ආසියාවේ ප්‍රසිද්ධියට පත්ව තිබූ පුංචි කෝච්චිය ධාවනය වූ කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවසාන නැවතුම ඕපනායක විය. අධිරාජ්‍යවාදී යුගයේ ප්‍රධාන අලවි මධ්‍යස්ථානයකි. ප්‍රදේශයේ සිට පිට ප්‍රදේශවලට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ අමුද්‍රව්‍ය සපයන හා ප්‍රදේශයේ නිෂ්පාදන අලෙවි කරන ප්‍රධානතම වෙළ‍ඳ මධ්‍යස්ථානයකි. එහෙත් පුංචි කෝච්චිය ධාවනය වීම නතර වීමෙන් පසු ඒ සියල්ලෙහි ක්‍රියාකාරීත්වය ද නැවතී ඇත.

            රජයේ ආහාර ගබඩාව සහ සමූපකාර තොග ගබඩාව ප්‍රධාන තොග වෙළඳකරුවන් වන අතර පුද්ගලික අංශයේ තොග වෙළඳකරුවන් කිහිප දෙනෙකු ද ඇත. ඕපනායක සති පොළ සාම්ප්‍රදායික ව සෙනසුරාදා පෙරවරුවේ පමණක් විවෘත ව පවතී. සියලුම පරිපාලන ඒකක සේවා මධ්‍යස්ථාන ඕපනායක නගරය කේන්ද්‍ර කොට ගෙන පවතින අතර කොට්ඨාශයේ ප්‍රධාන විද්‍යාල 03 ක් නගරය තුළ හා නගරය ආසන්න ව පිහිටා ඇත. විදුලිය හා නළ ජල පහසුකම් ඇත්තේ ඉතා සිමීත ප්‍රදේශයකට පමණි. ජනතාවගේ අලෙවි සේවා පහසුකම් වැනි පොදු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පැමිණීමට සිදුවන ඕපනායක කොට්ඨාශයේ ප්‍රධාන නගරය වන ඕපනායක නගරය නවනගරයක් ලෙස සංවර්ධනය කිරීම ඉතාමත්ම කාලෝචිත ය. ජනතාවගේ ජීවිත ඒකාකාරී බවින් මුදවා නව නිෂ්පාදන සේවා ආයතන වෙත යොමු කරවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවනු ඇත.

ග්‍රාම නිලධාරී වසම්/ ගම්මාන හා වර්ග ප්‍රමාණය

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

මූලාශ්‍රය : ග්‍රාම නාමාවලිය

News & Events

21
අප්‍රේ2023

Appeal Application 2022 Grade 6 Scholarship Examination

2022 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල...

Scroll To Top