ප්රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයනනයේ සියලුම ක්රියාකාරකම්වල චිනිවිදහාවය සහ වගවීම සහතික කිරීම සහ ආයනනිකක්රියාකාරකම් සහ නිරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරීම.
- ආයනනය තුළ සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම් දිරිගැන්වීම, නොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවයපවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්රවේශ විය හැකි ක්රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා චිමර්ශන කොමිෂන් සභාව සමඟසහයෝගයෙන් නීනි බලාත්මක කිරීමට සභාය වීම.
වගකීම් සහ කාර්යයන්
- ආයනනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්රියා පටිපාටි සහ චක්රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයිම් (Corruption Risk Assessment) සිදු කිරීම මඟින් ආයනනය තුළ දුෂණයට භා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්රියාකාරී සැලැස්මක් සකස් කර ක්රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්රතිපත්ති සභ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික භා ජාත්යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලනාව ඇගයිම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්ර හදුනාගැනීම.
- සියලුම රාජ්ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්රකාශන අවශ්යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ චිරෝධී පනනට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර චිරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂින පද්ධනියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විම්සීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්ය පරිදි, දූෂණ විරෝධී පනත යටනේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා චිමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්රකාශයට පත් කිරීම.
- රාජ්ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්රමිතිගත ආචාර ධර්ම සංග්රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කරන ප්රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුක් ක්රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ චිරෝධී රාමුව මගින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දුෂණ චිරෝධී සුපිළිපන්න ඇගයීම (National Anti-Corruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්රස්ථානය ලෙස ක්රියා කිරීම.
- ඒකකයේ රාජකාරි ක්රියාන්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සභාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්යන්තර කටයුතු ඒකකයෙහි ක්රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම.
සංයුතිය / සාමාජිකත්වය
|
අනු අංකය |
නම |
නිත්ය තනතුර |
අභ්යන්තර කටයුතු ඒකකයේ තනතුර |
Whatapp අංකය |
E Mail |
|
01 |
කේ.ජී. චතුරි අයි ජයසිංහ මිය |
සහකාර අධ්යක්ෂ (ක්රම සම්පාදන) |
ඒකක ප්රධානියා |
071 2021551 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
02 |
පී.ජී.එන්.කේ. කුමාරි මිය |
ගණකාධිකාරී(වැ.බ.) |
සුපිළිපන් නිලධාරියා |
076 1106970 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
03 |
කේ.ඩබ්.එස්.එන්. රණසිංහ මිය |
ප්රධාන කළමනාකරණ සේවා නිලධාරී |
සාමාජික |
070 7203012 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
04 |
ජී.එම්.අයි.කේ.ගන්කන්ද මිය |
සංවර්ධන ක්ෂේත්ර නිලධාරී |
සහායක කාර්ය මණ්ඩලය |
071 8028389 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
06 |
කේ.පී.එම්. ප්රේමරත්න මයා |
සංවර්ධන නිලධාරී |
071 3738638 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
|
05 |
පී.ජී.සී.එම්. වීරසිංහ මිය |
සංවර්ධන නිලධාරී |
076 5360654 |
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
සම්බන්ධතා විස්තර සහ QR කේතය
Internal Affairs Unit
Divisional Secretariat, Opanayaka
* Informing via email address - iau.divsopanayake@gma>il.com
* Informing via telephone Numbers - 045 22 71 505
* Informing via WhatsApp No. 071 11 02322
* Informing via QR Code



















